අලුතින් Mouse එකක් ගන්නවනම් මේ ගැනත් හිතන්න...... If you buy new computer mouse ? think about this….

Sinhala Technical වලින් ගොඩක් වටින දේවල් අරගෙන එනවනේ..... ඉතින් ඔන්න අදත් ඔයාලට වටින Post එකක් ගෙනාව......
                                            මවුස් එකක් කියන්නෙ ගොඩක් අය Use කරන දෙයක්.ඔයා දැන් මේ Post එක බලන්නත් මවුස් එකක් උදවු කරගන්න ඇති.ඉතින් මේ Post එකෙන් කතා කරන්නෙ අලුතින් මවුස් එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් ගැන....


                                            විවිධ වර්ගයේ, විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ මවුස් වර්ග ගොඩක් වෙළදපොළේ විවිධ මිල ගණන් වලට තියෙනවා.... ඒත් මේව මිලදි ගන්නකොට ගොඩක් අය හිතන්නෙ මේවයි මිල ගැන විතරයි.ඒත් අඩු මිලට වෙළදපොළෙන් මිලදී ගන්න මවුස් වලට තියෙන්නේ ගොඩක් අඩු ආයු කාලයක්... ඒක හින්ද මම දෙන පළවෙනි උපදෙස තමයි පිළිගත් වෙළද නාමයක් තියෙන නිෂ්පාදකයෙකුගෙ මවුස් එකක් මිලදී ගන්න කියල. පිළිගත් වෙළද නාම අතරේ Logitech,Hp,Dell,Lenovo,Sony,Toshiba,Razor වගේ company හොද මට්ටමක ඉන්නවා.හැබැයි මේ මවුස් වර්ග ටිකක් මිලෙන් නම් වැඩියි..ඒත් කල් පැවැත්ම, ක්‍රියාකාරිත්වය අතින් ගොඩක් හොදයි.අඩු මිලට (රු. 250 ත් රු 450 ත් අතර මිලක) තියෙන මවුස් අරගෙන අමාරුවෙ වැටෙනවට වඩා හොදයි මේ වගෙ company එකක මවුස් එකක් අරගෙන වැඩි ක්‍රියාකාරිත්වයක් ගන්න එක. ඔයාට තෝරගන්න මවුස් වර්ග ගොඩක් තියෙනවා...
Gaming mouse - පරිගණක ක්‍රීඩාකරණය සදහාම සැකසූ මවුස් උපාංග.....

Travel mouse    -  පහසුවෙන් ගෙන යාමට හැකිවන පරිදි කුඩාවට සැකසූ මවුස් උපාංග...

Ergononic mouse - ආබාධ ඇති නොවන පරිදි පහසුවෙන් අත රදවා ගැනීමට හැකි වන ලෙස විශේෂයෙන් සැකසූ මවුස් උපාංග....

Wireless mouse - රැහැන් රහිතව පරිගණකයට සම්බන්ධ වන මවුස් උපාංග....
Image result for wireless mouse
                                             ඔයා wireless මවුස් එකක් මිලදී ගන්නවනම් ඔයාගෙ පාවිච්චිය වැඩි වන තරමට මවුසයේ බැටරිය ඉක්මනට බහිනව කියලත් මතක තියා ගන්න.මවුස් එකක් මිලදී ගන්නකොට බලන්න ඕන අවසාන කාරණාව තමයි Dpi අගය.ඔයා මවුස් එකක් මිලදී ගන්නකොට ඒකෙ Dpi අගය වැඩිවන තරමට මවුසයේ සංවේදිතාවයද වැඩි වෙනවා...(සාමාන්‍ය මවුසයක Dpi අගය 1000 Dpi -2000 Dpi විතර වෙනව) මවුසයක් මිලදී ගන්නවනම් Mouse pad එකකුත් මිලදී ගන්න එක හොද අදහසක්....

                                             තව ගොඩක් දේවල් කියන්න තියෙනව. ඒත් Post එක දිග වැඩි වුනාම කියවන්න එපා වෙන හින්ද ඉතුරු ටික පස්සෙ දවසක දෙන්නම්කො... මතක ඇතිව මේ දකුණු පැත්තේ side එකේ තියෙන subscribe කියන box එකට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට ඔයාට පුලුවන් අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න.


post එක හොද නම් comment එකකුත් දාල යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා...එහෙනම් තව අලුත් දෙයක් අරගෙන ඉක්මනටම එනවා.... මම සයුරු ඔෂාර.

Share this

Related Posts

Previous
Next Post »